අපි පෞද්ගලීකරණයට විරුද්ධ නමුත් මේ වෙලාවේ මුකුත් නොකරත් බෑ..! – පොහොට්ටුව..

November 24, 2022 at 12:49 pm | by emanisa.lk

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව සිය පක්ෂය එකඟතාවක් කිසි දිනක නොතිබුණු බව හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.

“අපේ ප්‍රතිපත්තිත් එයාලගේ ප්‍රතිපත්තිත් අතර පොඩි පොඩි මත ගැටුමක් තියෙනවා. මොකද ජාතික සම්පත් පුද්ගලීකරණය පිළිබඳව අපි හැමදාම එකඟතාවකට ආවේ නැහැ.

නමුත් අද රටේ තිබෙන ආර්ථික තත්ත්වය අනුව සමහර දේවල් කරන්න සිදුවෙනවා. මේවා කරනකොට අපේ සාමාජිකයින් එක්ක කොහොමද මුහුණ දෙන්නේ කියන ප්‍රශ්නය තියෙනවා.

පහුගිය ටිකේම අපේ ලේකම්තුමත් මමත් අගමැතිතුමත් විවිධ අවස්ථාවල සාකච්ඡා කළා මේ පිළිබඳව අපි ගතයුතු ක්‍රියාමාර්ගය මොනවද කියලා. ඒ නිසා අපි රජයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා අපිට ජනාධිපතිතුමත් එක්ක ‌මේවා පුද්ගලීකරණයට ප්‍රථමයෙන් අපි දැනුම්වත් කරන්න කියලා කොහොමද කරන්නේ අපේ වැඩකරන පන්තිය ආරක්ෂා කරන්නේ කියලා.

ඒ හින්දා අපි ඒ වෙනුවෙන් නිතිපතා පෙනී සිටිනවා කියන එකත් මේ මොහොතේදී තමුන්නාසේලා එක්ක කියනවා. මොකද අපි වෘත්තීය සමිතයක් හැටියට කේලම් කිය කියා ඇවිදින කණ්ඩායමක් නෙමෙයි.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ප්‍රගතිශීලි සමිති ශාඛා සංගමයේ සුබ සාධක වැඩපිළිවෙළේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් ගාමිණි ලොකුගේ එම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *