අපේක්ෂිත තරම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට නොහැකි වූ බවත් බලය ලබා ගැනීමට හැකි වූයේ ආතනය තිහක අධික ප්‍රමාණයක පමණක් බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.
රහස් ඡන්ද පැවැත් වූ ස්ථානවල තමන් පරාජය වූ බවත් විවෘත ඡන්ද පැවැත් වූ ස්ථානවල තමන් ජයගත් බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
ඡන්ද පවත්වන ආකාරය තමන්ට අවාසිදායක ලෙස බලපෑ බවත් වැලිගම වැනි ආයතනවල බලය තමන්ට අහිමි කළේ ආණ්ඩුව සැලසුම් සහගතව බවත් හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.