අපි පාසල් යන්නේ දරුවන්ට උගන්වන්නේ නැතිව ඉන්න බැරි නිසා…! – ස්ටාලින්…

October 18, 2021 at 8:52 pm | by emanisa.lk

තම වෘත්තීය සමිති ලබන 25 වනදා සිට අධ්‍යයන කටයුතුවලට සහභාගී වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කරයි.

අද (18) පැවැති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

“25 වනදා ආණ්ඩුව නෙමෙයි අපියි තීරණය කරන්නේ, අපි පාසල් යන්න. අපි පාසල් යන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි.

පාසලට ගුරුවරු කැඳවලා තියෙන්නේ කොටස් 4කට. විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග අපි සංවිධානය කරනවා.

පාසල් අපි පාසල් යමින් ඒ කටයුතු කරන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි, දරුවන්ට උගන්වන්න ඕන නිසා. වෙන කිසිදු හේතුවක් නිසා නෙමෙයි.”

මේ වන විට ගුරුවරු ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වර්ජනය කර දින 99ක් සම්පූර්ණ වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *