අපි නම් කියන්නේ ඇත්ත! මෛත්‍රීපාල හරියට බොරු කියනවා! – හිරුණිකා

June 3, 2020 at 9:18 am | by emanisa.lk

හිතෙන හිතෙන කොළේ අත්සන් කළත් මෛත්‍රිපාල සිරිසේනට දවස් තුනකින් අත්සන් 21000ක් තියන්න නොහැකි යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ (02) පැවසුවාය.

ඇය මෙසේ කියා සිටියේ පිටකෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය මැතිවරණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

‘හරියටම බැලුවොත් මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ඒ දවස් තුනේ නිදාගෙනත් නැහැ. අර්ජුන ඇලෝසියස් ගෙන්වන්න නොනිදා අත්සන් 21000 ක් තියලා. විහිළු කතාවක්නේ. කොහොමත් සිරිසේන මහත්තයා දැන් කියන එක නෙවෙයිනේ තව ටිකකින් කියන්නේ. එතුමා හරියට බොරු කියනවා.

රනිල් වික්‍රමසිංහ සහ අර්ජුන් ඇලෝසියස් කියන්නේ හොඳ යාළුවෝ. මං හිතන්නේ මෛත්‍රිපාල මහත්තයා කියන්න ඇත්තේ රනිල් ප්‍රමුඛ කිහිප දෙනා නිසා මහේන්ද්‍රන් ගෙන්වා ගන්න බැරිවුණා කියලා වෙන්න ඇති.

දැන් තත්ත්වය වෙනස්. දැන් වෙන ආණ්ඩුවක් තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ අර්ජුන් මහේන්ද්‍රන් දැන් ගෙන්වන්න පුළුවන්. ඒත් හොරු ඉන්නෙත් ආණ්ඩුව සමග නිසා මේ පාර ගෙන්වන එකකුත් නැහැ..’

 
 


Leave a Reply

Your email address will not be published.