අපි දෙමළ සන්ධානයයි ජවිපෙයි එක්ක එකතු වෙලා ඡන්දයට එනවා! – හකීම්

February 23, 2020 at 8:01 pm | by emanisa.lk

සුළු ජාතික පක්ෂවලට එරෙහිව ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජාතාන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට සාමූහිකව මුහුණ දීම සඳහා සුළු ජාතික පක්ෂ මෙන්ම සිවිල් සංවිධානද එක් කර පුළුල් එකමුතුවක් පිහිටවීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හලීම් පවසයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ 29 වන ජාතික නියෝජිත සම්මේලන අමතමින් රවුෆ් හකීම් මේ බව පැවසීය.

මහනුවර පොල්ගොල්ල මහින් රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලායේදී පැවැති මෙම සමුළුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,

“සුළු සහ සුළු ජාතික පක්ෂ අයින් කර දමන්න පුළුවන් කියා කුමන හෝ ශක්තියක් හිතන්නේ නම් එයට  විරුද්ධව සටන් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසය  සෑම අවස්ථාවකම ඉදිරිපත් වෙනවා.

මෙම අවස්ථාවේදී මම ඉතාම පැහැදිලිව කියා සිටිය යුතුයි ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසය ප්‍රමුඛ පක්ෂ කිහිපයක් එකතුව අපි දැන් සැලසුම් කරනවා විශේෂයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ  සමඟත් අපේ ප්‍රතිපත්තිවලට එකඟ වන සිවිල් සංවිධාන සමඟත් එක්ව  විවෘත එකමුතුවක්  නිර්මාණය කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ රටේ සුළු සහ සුළු ජාතික් නියෝජනය කරන  පක්ෂවලට විරුද්ධව  හට ගන්නා වූ ප්‍රජාතාන්ත්‍ර විරෝධී  ක්‍රියාවන් මැඩලීම සඳහා අපි එකතු වීමට දැන් සූදානම්ව සිටිනවා.

ඒ පිළිබඳව පූර්ව සාකච්ඡාවන්  දැනටමත් පවත්වලා තිබෙනවා.ඉතා නුදුරු අනාගතයේදී  බලවත් බලවේගයක් ලෙස මෙය ගොඩ නගනවා.

අපි දැනට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අනෙකුත් ප්‍රධාන පෙළේ පක්ෂ පැත්තක තියලා අපි සුළු හා සුළු  ජාතික පක්ෂ එකතුව මේ එකමුතුව ගොඩ නඟනවා .

විශේෂයෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතාන්ත්‍රවාදයට අභියෝගයක් එල්ල කරමින් ප්‍රජාතාන්ත්‍ර විරෝධී ක්‍රියාවන් සඳහා තැන් කරන බලවේගවලට විරුද්ධව  එක වේදිකාවක සිට සටන් කිරීමට අපි සූදානම් වනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස