අපි දින 10ක් රට වහනවා…! ආණ්ඩුව ජනතාවට කන්න දෙන්න ඕන…! ඒක හරි සරලයි….! – ජවිපෙ…

August 18, 2021 at 10:45 pm | by emanisa.lk

එළඹෙන සිකුරාදා වන විට දින 10කට රට වසා කොවිඩ් වසංගතය පාලනය කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන බල මණ්ඩල සාමාජික වසන්ත සමරසිංහ පවසයි.

එසේ නොකරන්නේ නම් වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස තමන් දින 10ක ස්වයං රට වසා දැමීමකට යන බවත් වසන්ත සමරසිංහ අවධාරණය කරයි.

එවිට මිනිසුන්ට කන්න දිය යුත්තේ ආණ්ඩුව බවත් එය හරි ම සරල දෙයක් බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

අද (18) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *