ස්ටාලිං සහෝදරයා නිදහස් කරනු…..! නැත්නම් මහා වැඩ වර්ජනයකට සූදානම් වනු….! – ලාල්කාන්තගෙන් ආණ්ඩුවට රතු එළි….

July 11, 2021 at 10:19 pm | by emanisa.lk

නිරෝධායන කඳවුරකට කිසිවෙකු යැවීමට නම් ඊට පෙර PCR පරීක්ෂණයක් කර කොවිඩ් ආසාදිතයෙකු දැයි තහවුරු කරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

එහෙත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලිං එවැනි පරික්ෂාවක් සඳහා යොමුකර නොමැති බව ඔහු පෙන්වා දෙයි.

ජෝෂප් ස්ටාලිං PCR පරීක්ෂණයක් ලක් කර අනිත්දා වන විට වහා ම නිදහස් කළ යුතු බව ලාල් කාන්ත අවධාරණය කරයි.

එසේ නොකළහොත් මේ රටේ සියලු වෘත්තීය සමිති එක්ව දැවැන්ත වැඩ වර්ජනයක් සඳහා යන බවට ඔහු ආණ්ඩුවට අනතුරු අඟවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *