අපි තවම හරිහමන් ආණ්ඩුවක් හදලා නෑ! මහ ඡන්දේ දිනලා සියලු පොරොන්දු ඉටු කරනවා! – මහින්ද

January 1, 2020 at 5:59 pm | by emanisa.lk

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ද තවමත් තමන් ක්‍රියාත්මක වන්නේ සුළුතර ආණ්ඩුවක් ලෙස බවත් පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ විපක්ෂයට බවත් අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

එහෙත් බොහෝ දෙනෙකු මෙම තත්ත්වය අවබෝධ කරනොගෙන කටයුතු කරන බව පෙනී යන්නේ යැයි ද හෙතෙම පෙන්වා දෙයි.

කෙසේ වුවද සුළුතර ආණ්ඩුවක් ලෙස ජනාධිපතිවරයාට අගමැතිවරයාට සහ ආණ්ඩුවට හිමි බලතල යටතේ ජනතාවට මේ වන විටත් බදු සහන ඇතුළු පහසුකම් ගණනාවක් ලබා දී ඇතැයි ද සඳහන් කළේය.

ඉදිරියේදී පැවැත්වෙන මහා මැතිවරණය ජයග්‍රහණය කර ශක්තිමත් ආණ්ඩුවක් පිිහිටුවා ජනතාවට ලබා දුන් සියලු පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන බව ද අගමැතිවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස