අපි ජවිපෙ එක්ක එකතු වෙන්න සූදානම් නෑ! – පෙරටුගාමී සමාජවාදී පක්ෂය

June 18, 2020 at 8:11 am | by emanisa.lk

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එකට එකතුවීමක් සිදු වෙන බවට පලවන මාධ්‍ය වාර්තා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රතික්ෂේප කරයි.

කම්කරු අයිතීන්, පෞද්ගලීකරණය සහ රාජ්‍ය දේපළ විකුණා දැමීම වැනි ප්‍රශ්නවල දී ඊට එරෙහි බලවේග සමග එකට වැඩ කිරීමට කිසිදු බාධකයක් නැත ද  කිසිවිටෙකත් ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වීමක් සිදුනොවනු ඇති බව හෙතෙම අවධාරණය කරයි.

ඒ ඒ දේශපාලන පක්ෂ බිහි වී ඇත්තේ ගැඹුරු දේශපාලනික වෙනස්කම් මත මිස හුදු පෞද්ගලික රුචි අරුචිකම් හෝ නායකත්ව උවමනා මත නොවන බව ද පුබුදු ජයගොඩ පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *