අපි කොවිඩ් වසංගතය මැද වර්ජනය කළේ අවුරුදු 07ක් පරණ ඉල්ලීිම් දිනාගන්න…! – මුරුත්තෙට්ටුවේ හිමි…

July 11, 2021 at 7:21 am | by emanisa.lk

හෙද වෘත්තිකයන් වෘත්තීය අරගලයක් සඳහා යොමු වූයේ වැටුප් වැඩිකිරීමක් අරමුණු කරගෙන නොව වසර හතක අඩුපාඩුවක් නිවැරදි කර ගැනීමට බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

වසර හතක සිට ඇතැම් හෙදියන්ට උසස්වීම් නොලැබීම ඇත. 2014 වර්ෂයේ දී අනුමත දීමනාව නොලැබීම සහ වසර හතකින් හෙද ඇඳුම් නොලැබීම මෙම වර්ජනය සඳහා පදනම් වූ බව ද උන්වහන්සේ පැවසූහ.

ඇතැම් අය මේ වෘත්තීය අරගලයට වරදකාරී මුහුණුවරක් ලබාදීම සඳහා උත්සාහ කළත් මෙය වසර හතක අඩුපාඩුවක් නැවත සකස් කිරීමක් බව මුරුත්තෙට්ටුවේ හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *