අපි කී විදිහට රට විද්‍යාත්මකව වහල නෑ…! ඒ නිසා කොවිඩ් පාලනය වෙන්නෑ…! – සමන් රත්නප්‍රිය…

August 22, 2021 at 8:39 am | by emanisa.lk

රට වසා දැමීම සාර්ථක නොමැති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති, එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසයි.

රට වසා තිබුණ ද මේ වන විටත් ඉදිකිරීම්, ඇඟළුම්, වරාය, ඛනිජ තෙල්, විදුලිය ආදී ක්ෂේත්‍රවල ලක්ෂ 30-40ක් වැඩ කරන බව ද සමන් රත්නප්‍රිය පෙන්වා දෙයි.

කරන්නන් වාලේ කරන මෙවැනි රට වසා දැමීමකින් ප්‍රතිඵලයක් නොමැති බවත් දින 10 අවසානයේ එහි කිසිදු ප්‍රතිඵලයක් නැතැයි ආණ්ඩුව පවසනු ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *