අපි කීව විදිහට වැඩ කළා නම් මේ වෙද්දි කොරෝනා ඉවරයි! රට පුරා ආණ්ඩුව දෙන බඩු බෙදන්න රතු තරුව සූදානම්- ජවිපෙ

April 2, 2020 at 4:29 pm | by emanisa.lk

තම පක්ෂය විසින් පෙන්වා දුන් කරුණු පිළිගෙන කටයුතු කළේ නම් කොරෝනා වෛරසය මර්දනය මෙතරම් අපහසු වන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් ආණ්ඩුව මෙතෙක් කොරෝනා මර්දනයට ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවද ඔහු පැවසීය.

නමුත් වසංගතය පාලනය කිරීමට මෙතෙක් ජාතික මට්ටමින් වැඩපිළිවෙළක් නැති බවද ඔහු පැවසුවේය.

ආණ්ඩුව විසින් නිසි යාන්ත‍්‍රණයක් සාදන්නේ නම් අත්‍යවශ්‍ය භාණ්ඩ රට පුරා බෙදා හැරීම තම පක්‍ෂය සූදානම් යයිද ඔහු තව දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස