අපි ආණ්ඩුවට යනවා කියන්නේ සාෆි වඳ සැත්කම් කළා කී මාධ්‍යය…! – ජේ.සී. අලවතුවල….

August 1, 2022 at 5:59 pm | by emanisa.lk

තමන් ආණ්ඩුවට යන බවට පළ වන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන් අසත්‍ය බව ජේ.සී. අලවතුවල පවසයි.

සමගි ජන බලවේග මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් කිරීමට කටයුතු කළ මාධ්‍ය මෙවැනි පුවත් පළ කරන බවයි.

පහුගිය ආණ්ඩුව සමයේ ඩොක්ටර් ශාපි වඳ සැත්කම් කළ බවට අභූත චෝදනා නැඟුව ද අධිකරණය මේ වන විට ඔහු නිර්දෝෂී බව තහවුරු කර ඇතැයි අලවතුවල ප්‍රකාශ කරයි.

මෙම පුවත් සඳහා ප්‍රචාරයක් ලබා දීමට පෙර තමන්ගෙන් විමසීට වගකිව යුතු මාධ්‍ය කටයුතු කළ යුතුව ඇති බවයි, ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *