අපි අයියා මලෝ එකතු වෙලා පාටියක් දැම්මා! ගෝඨා එනවා කියලා තීන්දුවක් නෑ! එජාප අපේක්ෂකයා බලලා තීන්දුවක් ගන්නවා!

March 26, 2019 at 3:28 pm | by admin

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනපතිවරණය සඳහා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් කිසිම තිරණයක් ගෙන නොමැති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ සඳහන් කරයි. එසේම ඉදිරි ජනපතිවරණයට බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවන බව පැවැසූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

අද පෙරවරුවේදි පුවත්පත් කතුවරුන් හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“පවුලේ පොඩි සාදයක් තිබුණා. එතනදී ජනපති අපේක්ෂකයෝ ගැන කතා කළේ නෑ. ගෝඨාභය එනවා කියලා තිරණයක් ගත්තේ නෑ. බැසිල් මහත්තාය එනවා කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එනවා කිව්වා. චමල් එනවා කියනවා. පවුලේ එක එක්කෙනා ගැන ලොකු ලොකු මතවාද ආවා. බැසිල් කිව්වා මම නම් එන්නේ නෑ කියලා. තාම මම දිනන්න පුළුවන් කෙනා හොයනවා. තාම එක්සත් ජාතික පක්ෂය තීන්දු කරලත් නෑ. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා හැටියට අපේ අපේක්ෂකයා තීරණය කරනවා.” යැයි ඔහු සඳහන් කළේය.

කෙසේ වුවද බැසිල් රාජපක්ෂ පුවත්පත් සාකච්ඡාවක දී පවසා තිබුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්නව ලැබුණහොත් එය ගෝඨාභයට හිමි වන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස