අප්‍රේල් මුල එන්නත් මිලියනයක් දුන්නා නම් බොහෝ ජීවිත රැකෙනවා…! චීන එන්නත් විරෝධීන් ඒ අවස්ථාව රටට අහිමි කළා…! – විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

June 2, 2021 at 2:18 pm | by emanisa.lk

චීන රජයෙන් මාර්තු මස මුල සයිනොෆාම් එන්නත් ලක්ෂ 05ක් නොමිලේ ලැබුණු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙන තුරු එම එන්නත ජනතාවට ලබා දීමට නොහැකි බව හෙතෙම සඳහන් කරයි.

මෙම එන්නත පිළිබඳ විවිධ කණ්ඩායම් විසින් ඉතා ම භයානක පින්තූරයක් මවමින් දැඩි පීඩනයක් ඇති කිරීම නිසා එන්නත් සඳහා අනුමැතිය ලබා දුන් ලංකාවේ විශේෂඥ කමිටුව ද අඩියක් පසුපසට ගත් බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දීමට පෙර ඇස්ට්‍රාසෙනිකා සහ ස්පුට්නික් එන්නත් සඳහා ලංකාවේ විශේෂඥ කමිටුව අනුමැතිය දුන් බව සඳහන් කළ හෙතෙම අවුරුද්දට පෙර එන්නත් මිලියනයක් ජනතාවට ලබා දීමට ලැබුණේ නම් අද මෙවැනි ව්‍යසනයක් ඇති නොවන බව ද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස