අපට හදිසියේ ම වැඩට එන්න නියෝග කළ ලේකම්වරයා ගැන ලැජ්ජයි….! – ජෝෂප් ස්ටාලින්….

August 2, 2021 at 10:20 pm | by emanisa.lk

දින 21ක් තිස්සේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සියලු අධ්‍යාපන සහ විභාග ඇගයීම් කටයුතු වර්ජනය කර ඇති පසුබිමක අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා හදිසියේ ම ඉරිදා සියලු අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩඩල පාසල් පැමිණිය යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ජෝෂප් ස්ටාලින් පවසයි.

පාසල් පිරිසිදු කර ඇතැම් පාසල්වල රැඳී සිටින හමුදා පොලිස් කණ්ඩායම් ඉවත් නොකර හදිසියේ එවැනි චක්‍ර ලේඛයක් නිකුත් කරන්නේ ඇයි දැයි ස්ටාලින් ප්‍රශ්න කරයි.

මෙය සම්පූර්ණයෙන් ම ගුරුවරු දස දහස් ගණනින් මහ පාරට පැමිණ දියත් කර ඇති අරගලය මොට කිරීම සඳහා දියත් කළ කුමන්ත්‍රණයක් බවත් ඒ පිළිබඳ ලේකම්වරයා ලැජ්ජාවට පත්විය යුතු බවත් ඔහු සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගේ චක්‍රලේඛය ප්‍රතික්ෂේප කර ගුරු විදුහල්පතිවරුන් ඒ සඳහා පැහැදිලි පිළිතුරක් දී ඇතැයි ස්ටාලින් වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *