සිංහල ජනතාවගේ ඡන්දයෙන් පමණක් ජයග්‍රහණය කොට තමන්ට ප්‍රමාණවත් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.
තමන්ගේ ජයග්‍රහණයට සිංහල ජනතාවගේ ඡන්ද ප්‍රමාණවත් වුව ද එමගින් පමණක් ජයග්‍රහණය කොට පලක් නැති බවයි, ඔහු අවධාරණය කළේ.
ජාතික ජන බලවේගයට උවමනා දෙමළ මුස්ලිම් සහ සිංහල ජනතාවගේ විශ්වාසය දිනාගත් ආණ්ඩුවක් බව ද අනුර දිසානායක ප්‍රකාශ කරයි.
තමන් දේශපාලනය කරන්නේ ඡන්දයම බලාගෙන නොව රට හැදීම සඳහා බව ද අනුර දිසානායක සඳහන් කරයි.
ඊයේ (26) ගාල්ලේ පැවැති ජාතික ජන බලවේග මුස්ලිම් හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.