අපට විශාල ජනපදනමක් තියෙනවා! අපේක්ෂක ප්‍රමාණය හොඳටම මදි! වැඩි නොකළොත් වෙනම තරඟ කරනවා! – ශ්‍රිලනිපය පොහොට්ටුවට පාඩමක් උගන්වන්න සූදානම්..

March 16, 2020 at 11:06 pm | by emanisa.lk

ලංකා නිදහස් පක්ෂය තනිව තරග කිරීම සඳහා දිස්ත්‍රික් නායකයන් නම් කර තිබේ.

ඒ,අද (16) මෛත්‍රීපාල සිරිසේනගේ නිවසේ පැවති දේශපාලන මණ්ඩල රැස්වීමේදීය.

තමන්ට ප්‍රමාණවත් අපේක්ෂකයන් ප්‍රමාණයක් ලබා නොදෙන්නේ නම් හෙට දහවල් තනිව තරග කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම නායකයන් නම්කර තිබේ.

කොළඹ, කුරුණෑගල,අනුරාධපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් තමන්ට අපේක්ෂකයන් හතර බැගින් ද ගම්පහ සහ කළුතරින් අපේක්ෂකයන් තුන බැගින් ද අවශ්‍ය බව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හෙට උදැසන නිදහස් පක්ෂය විසින් දැනුම් දීමට නියමිතය.

ඊට නිසි ප්‍රතිචාර නොලැබුණහොත් දහවල් 12ට දේශපාලන මණ්ඩලය රැස්වී වෙනම ඉල්ලීමේ තීරණයක් ගැනීමට නියමිතය.

කොළඹ දිස්ත්‍රික් නායකයා ලෙස ජීවන් කුමාරතුංග ද උප නායකයා ලෙස ගාමිණී තිලකසිරි ද නම් කර ඇත.

කුරුණෑගල නායකයා දයාසිරි ජයසේකර වන අතර උප නායකයා ශාන්ත බණ්ඩාරය.

අනුරාධපුර නායකයා දුමින්ද දිසානායක වන අතර උප නායකයා වීරකුමාර දිසානායකය.

ගාල්ලේ නායකත්වය ශාන් විජේලාල්ට ද කළුතර නායකත්වය රන්ජිත් සෝමවංශ ද හිමිව ඇත.

ගම්පහ නායකයා වන්නේ ලසන්ත අලගියවන්නය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස