‘අපට විද්‍යාගාර මීයෝ වෙන්න බෑ…!’ ඉන්දිය සෞඛ්‍ය අංශ එන්නත එපා කියති…!

February 5, 2021 at 8:58 am | by emanisa.lk

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ලබා දෙන කොරෝනා එන්නත ලබා ගැනීම ඉන්දීය වෛද්‍යවරුන්, හෙදියන්, විද්‍යාගාර කාර්මිකයින් සහ ඕෂධවේදීන් බහුතර ප්‍රතික්ෂේප කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය ජනවාරි 16 වෙනිදා මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ ද නවදිල්ලියේ රජයේ රෝහල් හයක කාර්ය මණ්ඩලවලින් එන්නත ලබා ගෙන ඇත්තේ 30%කට අඩු ප්‍රතිශතයක් බව වාර්තා වෙයි.

බහුතරයක් සෞඛ්‍ය සේවකයින් මුලින් ඒ සඳහා කැමැති වුව ද පසුව ස්ව කැමැත්තෙන් අදාළ එන්නත ලබා නොගැනීමට තීරණය කර ඇත.

මෙම එන්නත්කරණ වැඩසටහනට තමන් එරෙහි නොවුණ ද එහි විද්‍යාගාර මීයන් වීමට තමන් අකමැති බවත් මෙතෙක් එම එන්නත්වල පරීක්ෂණ කටයුතු නිම වී නොමැති බවත් එම සෞඛ්‍ය කණ්ඩායම් පෙන්වා දී තිබේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *