අපට බහුතරය නැතත් කොළඹ විපක්ෂෙට දෙන්නෑ…. කොමසාරිස් කෙනෙක් දාලා හරි පාලනය කරනවා…! – නි. ඇමති රුවන් රණසිංහ….

May 18, 2025 at 11:16 am | by emanisa.lk

ආණ්ඩුවට බහුතරය නොමැති පළාත් පාලන ආයතනවල බලය ලබාගැනීමට විපක්ෂයට කිසිසේත්ම ඉඩ නොතබන බවත් අවශ්‍ය වුවහොත් කොමසාරිස්වරුන් පත්කර ඔවුන් හරහා එම ආයතන පාලනය කිරීමට ආණ්ඩුවට කටයුතු කරන බවත් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසයි.

ප්‍රශ්නය – කොළඹ ඔබතුමන්ලාට තියෙන්නෙ 48යි. තව 11යි මදි. නමුත් සජබ බලය පිහිටුවන්න හදනවා 29ක් එක්කහු කරගෙන ?

“අපි බලමු බලය පිහිටුවන කොට කොහොමද 50% ඒගොල්ලො හදාගන්නෙ කියලා. අපි රජය විදිහට අපිත් මැදිහත් වෙනවා, මැදිහත් වෙලා මේ බලය පිහිටුවන්න කටයුතු කරනවා. එහෙම නැත්නම් එතනින් එහාට ගිහිල්ලා කරන්න පුළුවන් වැඩත් තියෙනවා. අපි දන්නවා කොමසාරිස්වරු හරහා අපිට ඕනෙ නම් මේ පළාත් පාලන ආයතන දුවවන්න පුළුවන්. අපි කිසිසේත් මේ අවස්ථාව විපක්ෂයට ලබාදෙන්නෙ නෑ, අපි ඒකට මැදිහත් වෙලා අපි ඒ බලය ලබාගන්නවා.”

ප්‍රශ්නය – ඔබතුමාලා ඔවුන් බලය ගත්තොත් අනිවාර්යයෙන්ම කොමසාරිස්වරයෙක් පත්කරලා මේවා විසුරුවා හරිනවාද ?

“ආණ්ඩුවට කොළඹ මහ නගර සභාවෙ බලය ලබාගන්න අවශ්‍ය කටයුතු අපි කරනවා.”

ප්‍රශ්නය – ඔබතුමා කියන්නෙ තිස්සමහාරාමෙදී ඔබතුමාලාට කරපු දේ අවශ්‍ය නම් අපිත් කරලා දානවා කියලාද ?

“ඔව්, අවශ්‍ය වුණොත් අපිට කරන්න පුළුවන්.”

රුවන් රණසිංහ මේ බව පැවසුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *