අපට පොහොට්ටුවේ මඩ බලකාය මඩ ගහනවා! අපි පැරදුණොත් මේ මඩ අවලාද නිසායි! – ජවිපෙන් රහස් පොලිසියට පැමිණිලි..

July 10, 2020 at 8:08 am | by emanisa.lk

ෆේස්බුක් සමාජජාලය ඔස්සේ තම පක්ෂයට මඩ ගසන බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු අපේක්‍ෂක බිමල් රත්නායක චෝදනා කරයි.

මෙය තනිකරම සිදුකරන්නේ පොහොට්ටුවේ මඩ බලකාය විසින් බවත් ඒ සම්බන්ධයෙන් නැවත රහස් පොලිසිය වෙත පැමිණිලි කළ බවත් ඔහු පැවසීය.

මේ පිළිබඳ කලින් කරන ලද පැමිණිලිවලටද මේ දක්වා කිසිදු පියවරක් ගෙන නැති බව පැවසූ ඔහු මේ ආකාරයේ අසත්‍ය මඩ ප්‍රචාර හේතුවෙන් ජාතික ජන බලවේගය මැතිවරණ ව්‍යාපාරයට දැඩි හානි ගෙන දෙන බව කියා සිටියේය.

ඊයේ (10)අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස