අපට පරම්පරාවෙන් එන දේශපාලකයෝ හිටියට නායකයෝ නෑ! උස අය සිකුරුටි මිටි අය කම්කරු කරන එක රැකියා ගැටලුවට විසඳුම නෙමෙයි! – අගමැති රනිල් සිටින සභාවේ ඇමති රවී කාටදෝ බැණ වදියි…..

April 4, 2019 at 1:43 pm | by admin

අපේ රටේ අද දේශපාලඥයෝ ඉන්නවා. නමුත් නායකයෝ නැහැ. මේක කනගාටුවට කරුණක්. නායකයෝ හිතන්නේ තමා ගැන නෙමෙයි රට ගැන යැයි අමාත්‍ය රවී කරුණානායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (3) පැවති මිලාගිරි බාලිකා විද්‍යාලයේ විවෘත කිරීමකට එක්වෙමිණි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“ඩී.එස් .සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ලලිත් ඇතුළත්මුදලි අන්න ඒ වගේ අය තමයි මේ රටේ හිටිය සැබෑ නායකයෝ. නමුත් දැන් අපේ ලංකාවේ දේශපාලන රාමුව වෙලා තිබෙන්නේ අම්මාගෙන්, තාත්තාගෙන් පැවතගෙන එන පවුල් දේශපාලනයක්. සහජ හැකියාවෙන් ඉදිරියට යාමක් අද නැහැ.

අපි රැකිරක්ෂා ගැටලුවට විසඳුම් සොයනවා කියන්නේ උස අය සිකුරුටි මිටි අය කම්කරු කරන එක නෙමෙයි. අපේ ආර්ථිකය ඉදිරියට ගෙනියන මාර්ග සැකසිය යුතුයි. අපේ ආදායම් මාර්ග වැඩි කරනවා කියන්නේ, රජයෙන් ණයට හැමදෙයක්ම දෙන එක නෙමෙයි. දැනුවත්කම වර්ධනය කරන එකයි අවශ්‍ය වන්නේ.

අපේ රටේ ලොකුම ප්‍රශ්නය තමයි නායකත්වයට තිබෙන පළපුරුද්ද. අපේ රටේ නිලධාරීන්ට හිතන්නත් බැරි තත්ත්වයක ඉඳගෙන කොහොමද පළපුරුද්දක් ගැන හිතන්නේ. මේවගේ දේවල් තමයි අපි නවීකරණය කරන්න ඕන.රැඩිකල් වෙනසක් ඇති කළ යුතුයි. අලුතින් සිතිය යුතුය. මේක තමයි ඇති කළ යුතු වෙනස” යැයි පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස