අපට කන්න දෙන වැව් බැම්ම පූජනියයි…! පාවහන් ගලවලා වැඳලා වැව් බැම්ම උඩට යන්න ඕන..! – මෛත්‍රී…

September 19, 2021 at 6:56 pm | by emanisa.lk

පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඓතිහාසික වැදගත්කම මෙන් ම පුරාවිද්‍යාත්මක වැදගත්කම සලකා බැලිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

සීගිරි ගල මත ගුවන්යානා අංගනයක් තනා හෙලිකොප්ටර් බෑමට ඉඩ නොදෙන්නේ එහි ඓතිහාසිකභාවය නිසා යැයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

සොළොස්මස්ථාන දොළොස්මස්ථාන ආදිය ද නූතන තාක්ෂණය යොදා ගෙන නවීකරණය නොකර රැකගන්නේ එහි ඓතිහාසික වටිනාකම නිසා බව හෙතෙම අවධාරණය කරයි.

පැරණි රජ දවස වැව් කණ්ඩිය මතට යාමට උවමනා නම් සෙරෙප්පු ගලවා හිස් ආවරණ ඉවත් කර වැව් කණ්ඩියට වැඳ නමස්කාර ඒ මතට ගිය බව ද මෛත්‍රීපාල සිරිසේන හෙළි කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස