අපට ඕන විදිහට වැඩ කරන්න බැරි නම් විමල් ආණ්ඩුවෙන් යනු…! – ගුටිකෙළගත් පොහොට්ටු මන්ත්‍රී කියයි..

October 20, 2021 at 7:16 am | by emanisa.lk

ආණ්ඩුවේ සුළු පක්ෂවලට ඕනෑ විදියට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල තීරණ ගැනීමට ඉඩ දිය නොහැකි බව කොත්මලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී චාමර සුභාෂිත සිල්වා පවසයි.

මහ පක්ෂය වන පොදු ජන පෙරමුණට වුවමනා විදියට වැඩ කටයුතු කළ නොහැකි නම් විමල් වීරවංශගේ පක්‍ෂය වැනි සුළු පක්‍ෂ ආණ්ඩුවෙන් යා යුතු බව ඔහු පැවසීය.

කොත්මලේ ප්‍රදේශයේ සංවර්ධන කමිටුවේ දී ඇතිවූ ගුටිබැට හුවමාරුව පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස කියා සිටින්නේ බේබදු පිරිසක් සමග පැමිණ අදාළ මන්ත්‍රීවරයා තම කොට්ඨාසයට අයත් නොවන කොට්ඨාසයක ඇතුළු වී සභාවේ කටයුතු කඩාකප්පල් කිරීමට කටයුතු කළ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *