අපට ඕන මූල්‍යාධාර නෙවෙයි, ආයෝජන! – ජනපති

February 1, 2020 at 11:33 am | by emanisa.lk

ශ්‍රී ලංකාවට අවශ්‍ය හුදෙක් මූල්‍යාධාර නොව, අධ්‍යාපන, තාක්ෂණ, කෘෂිකර්ම හා කර්මාන්ත ක්ෂේත්‍රයන්හි ආයෝජන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් මෙරට චාරිකාවක නිරත ලක්සම්බර්ග් විදේශ ඇමති ජීන් ඇසෙල්බ්‍රෝන් ඊයේ (31) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූ අවස්ථාවේසී මේ බව පැවැසීය.

ඉහළ නිපුණතාවක් ඇති ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව සතු බවත්, නවීන තාක්ෂණය භාවිත කරන කර්මාන්තවලට ඔවුන් දායක කර ගැනීමේ හැකියාව ඇති බවත් ජනපතිවරයා පෙන්වා දුන්නේය.

දෙරටේ සබඳතා තර කර ගැනීමට තමන් දක්වන උනන්දුව පළ කළ ආගන්තුක ඇමතිවරයා දෙරටම කුඩා රාජ්‍යයන් බැවින් බොහෝ සමානතා පවතින බව පැවසීය.

පුනර්ජනනීය බලශක්තිය, භාණ්ඩ ප්‍රවාහන සහ මූල්‍ය ක්ෂේත්‍රයේ දී ලක්සම්බර් රාජ්‍යයෙන් ශ්‍රි ලංකාවට ලබාගත හැකි සහය පිළිබද අවධානය යොමු කෙරිණි. මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන ලක්සම්බර්ග් රාජ්‍යයට ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ දියුණුව සඳහා උපකාර කිරීමේ හැකියාව ඇති බව ඇමතිවරයා කීය.

ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති උත්පාදනයට විශේෂ විභවතා ඇති බව ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස