අපටත් ලංගමට වගේ ආණ්ඩුවෙන් පඩියක් දෙන්න….! – සමස්ත ලංකා පුද්ගලික් බස් රථ හිමියන්ගේ සංගමය

July 18, 2021 at 3:11 pm | by emanisa.lk

පෞද්ගලික බස්රථ සේවකයින් සඳහා රුපියල් 15, 000 බැගින් මාස දෙකක් සඳහා හෝ වැටුපක් ගෙවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා පුද්ගලික් බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

වසරක පමණ කාලයක් තිස්සේ බස් රථ සේවාවලට සම්බන්ධ 60, 000ක් පමණ දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට පත්ව ඇති බව එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කරයි.

“අපි රජයෙන් ඉල්ලීමක් කරනවා ශ්‍රී ලංගම සේවකයින්ට වැටුප් දෙනවා වගේ ම මාසිකව රු 15, 000ක මුදලක් මාස දෙකකටවත් ලබාදෙන්න කියලා. අද දිනයේ දීත් අන්තර් පළාත් බස්රථ ධාවනය වෙන්නේ නෑ.

හැබැයි සමහර අන්තර් පළාත් බස් රථ හිමියන් කිහිප දෙනෙකුට විතරක් ප්‍රධාන රෝහල්වලින් සහ රජයේ අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්තමේන්තු සඳහා බස් රථ ධාවනයට ඉඩදීලා තියෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *