අනේ අපට අවුරුදුුු හතරින් පැන්ෂන් එක හදලා දෙන්න! -විළිලැජ්ජාවක් නැති මන්ත්‍රීලා කතානායකගෙන් ඉල්ලයි…

February 29, 2020 at 3:09 pm | by emanisa.lk

පාර්ලිමේන්තු ධුර කාලය අවුරුදු හතර සපුරන මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලැබෙන ලෙස අවශ්‍ය සංශෝධන කර දෙන ලෙස මන්ත්‍රි පිරිසක් කතානායකගෙන් ඉල්ලා තිබේ.

පවතින නීතිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විශ්‍රාම වැටුපකට හිමිකම් කියන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කළ කාලය අවුරුදුුු පහක් හෝ ඊට වැඩි නම් පමණි.

කෙසේ වුවද එළඹෙන මාර්තු මස සිට ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමි වන අතර මාර්තු මස මුල පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට දැනටමත් තීරණය කර අවසන්ය.

මෙලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග වර්තමාන පාර්ලිමේන්තුවේ අවුරුදු පහ සම්පූර්ණ නොකළ 60කට අධික නවක මන්ත්‍රී පිරිසකගේ විශ්‍රාම වැටුප් අහිමි වනු ඇත.

මේ අතර සිටින නැවත පත්වනු ඇතැයි විශ්වාසයක් නැති මන්ත්‍රී පිරිස මූලික වී මෙම ඉල්ලීම කතානායකගෙන් සිදුකර ඇත.

කෙසේ වුවද රාජ්‍ය සේවකයකු වසර 35-40ක් සේවය කර ලබන විශ්‍රාම වැටුප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අවුරුදු 5කදී ලබා දීම පිළිබඳ සමාජයේ දැනටමත් දැඩි විරෝධයක් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස