අනුර දිසානායක අලුත් වාර්තාවක් තබයි! ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය ජවිපෙට දිනාදෙයි!

November 17, 2019 at 3:17 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ ජවිපෙ දිනාගත් අඩුම ඡන්ද ප්‍රතිශතය වාර්තා කර තිබේ.

මෙයට පෙර 1982 රෝහණ විජේවීර 4.19ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර නන්දන ගුණතිලක 1999 4.06%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. එහෙත් වර්තමාන ජවිපෙ නායක අනුර දිසානායක ලබා ගෙන ඇත්තේ 3.18% ඡන්ද ප්‍රතිශතයකි.

අනුර දිසානායක ලබාගත් ඡන්ද ප්‍රමාණය ඉතිහාසයේ ජවිපෙ ජනාධිපතිවරණයක ලද අඩුම ඡන්ද ප්‍රතිශතය වන අතර එම පක්ෂය මෑත ඉතිහාසයේ මැතිවරණයක ලබා ගත් 5%ක ඡන්ද ප්‍රමාණය පවා ආරක්ෂා කර ගැනීමට අසමත් විය.

මෙවර ජනතා විමුක්ති පෙරමුණ සිය පක්ෂ නාමය ද පක්ෂ සලකුණ ද අහිමි කර ගෙන ජාතික ජනබල ව්‍යාපාරය නමින් තරඟ වැදීම ද විශේෂත්වයකි.

රනිල්-මෛත්‍රී ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලයේ සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව