ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකගේ පුත් කසුන් දිසානායක පසුගිය සිකුරාදා කොළඹ රාත්‍රී සමාජශාලාවක ගැටුමක් ඇති කරගත් බව lankamag වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙරට ප්‍රභූ පැලැන්තිය අතර අතිශය ජනප්‍රිය කොළඹ 01 පිහිටි රිපබ් එල්කේ නම් සාමාජිකයින්ට පමණක් සීමා වූ සමාජශාලාවක මෙම සිදුවීම හටගෙන ඇත.
කසුන් දිසානායක මිතුරන් පිරිසක් සහ තරුණියක සමග එහි ගොස් ඇති අතර සාමාජිකයින් සඳහා පමණක් වෙන් වූ එහි බියර් ටවර් එකක් රු. 3000-5000 දක්වා අලෙවි වන බව ද එහි වැඩි දුරටත් වාර්තා වෙයි.
මීට පෙර හිටපු ජනාධිපති පුත් දහම් සිරිසේන, මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ආදීන් ද රාත්‍රී සමාජශාලා ගැටුම් නිසා ප්‍රසිද්ධියට පත්විය.