අනුර දිසානායක ඉදිරියේ ඡන්දයක් ලබා දීමෙන් පොදු ජනතාවට අවම සහනයක් හෝ නොලැබෙන බව ජන අරගල සන්ධානයේ විධායක සභික පුබුදු ජයගොඩ පවසයි.
එමගින් සැබවින්ම සිදුවන්නේ දැන් සිටින තැන ද අහිමි වීම බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
එය බිංදුවට වැටී නොනවතින අතර ඍණ තත්ත්වයට ම රට ඇද වැටෙන බවට ද පුබුදු ජයගොඩ අනතුරු අඟවයි.
ජන අරගල සන්ධාන ජනපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේට සහය දක්වන ජන රැලියක් අමතමින් හෙතෙම මේ බව කීය.