අනුර දිසානායක පසුගිය කාලයේ රට හමුවේ ප්‍රදර්ශනය කළේ තමා සතුව ඇති ෆයිල් 400ක පිටපත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
එම ෆයිල් 400 අතරින් ආනන්ද විජේපාල 40කට නඩු පැවරූ බවත් ඉතිරි ෆයිල් 360 හිස් බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් කීය.
අවශ්‍ය අයෙකුට එම ෆයිල් පරික්ෂා කළ හැකි බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවධාරණය කරයි.
පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවැති නීතීඥ හමුවක දී හෙතෙම මේ බව කීය.