අනුරගේ විශ්වාසභංගය ආණ්ඩුව පෙරළන්න නොව රකින්නයි! – මහින්දානන්ද

May 21, 2019 at 7:30 am | by admin

ආණ්ඩුවේ ඇතැම් පාර්ශව පවා ඇමති රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට සහාය පළ කරන බව ප්‍රකාශ කළ පසුබිමක ජවිපෙ අනුර කුමාර දිසානායක ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නේ එම සියලු දෙනා නැවත ඒකරාශි කර ආණ්ඩුව රැකගැනීම සඳහා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

එජාපය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්, දෙමළ සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් පිරිසක් හා විශ්වාස භංගයට අත්සන් නොකළ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් මෙම විශ්වාසභංග යෝජනාවට සහාය පළකරන බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තිබුණා. එවැනි පසුබිමක නියත වශයෙන්ම මෙම විශ්වාසභංග යෝජනාව ජය ගැනීමට හැකියාව තිබෙනවා. ඒ ජයග‍්‍රහණය දැක දැක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සුපුරුදු පරිදි රනිල් වික‍්‍රමසිංහ අගමැතිට කඬේ යනවා.

අනුර කුමාර දිසානායක මහතා මේ උත්සාහ කරන්නේ රිෂාඞ් බදුර්දීන් ඇමැතිට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාව සැහැල්ලූවට ලක්කර එය පරාජය කර ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමටයි.

රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට රජයේ මැති ඇමැතිවරුන් සහාය පළකරන බවද කියා තිබියදී ජවිපෙ මෙලෙස කි‍්‍රයා කරන බවද මන්ත‍්‍රීවරයා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස