ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකගේ මොළේ අවුල්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශිවනේශතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පවසයි.
තම කණ්ඩායමට මුලින් ම අවි ආයුධ ලබා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවයි, රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ.
අනතුරුව මිනිසුන්ට වෙඩි තැබීමට ජවිපෙ තමන්ගෙන් ආයුධ ඉල්ලුව ද තමා නොදුන් බව ද ඔහු අනාවරණය කළේය. එකල ජවිපෙ නායකයා අනුර දිසානායක නොවන බව ද ඔහු කීය.
ජනතාවගෙන් වැඩිම මනාප අරන් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට පාර්ලිමේන්තු ගිය තමන්ට මඩකලපුවට පැමිණ ආයුධ සන්නද්ධ පිරිසක් වන අනුර දිසානායක තර්ජනය කිරීම වැරදි බව ද චන්ද්‍රකාන්තන් ප්‍රකාශ කළේය.
පසුගියදා මඩකලපුවට ගිය අනුර දිසානායක ප්‍රකාශ කළේ ශිවනේශතුරෛයි චන්ද්‍රකාන්තන්ලාගේ අතුරු සන්නද්ධ කණ්ඩායම් සිය පාලනයක් යටතේ විසිරුවා හරින බවයි.