අනුරගේ ජනප්‍රියතාව වේගයෙන් පහළට…. ඉදිරියෙන් ම සජිත්.. රනිලුත් ඉදිරියට….!

August 2, 2024 at 5:28 pm | by emanisa.lk

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ජුනි මාසයට අදාළ සිදුකළ ජනමත සමීක්ෂණ ප්‍රතිඵල අනුව අනුර කුමාර දිසානායක මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර තිබූ ජනප්‍රියතා පරතරය තව දුරටත් වැඩි වී තිබේ.

ඒ අනුව මැයි මස 39%ක් වූ සජිත් ප්‍රේමදාසගේ ජනතා ප්‍රසාදය ජුනි මාසය වන විට 43%ක් දක්වා ඉහළ ගොස් තිබේ. මැයි මස 36%ක් වූ අනුර දිසානායකගේ ජනතා ප්‍රසාදය 30% දක්වා පහත වැටී ඇත.

එම සමීක්ෂණ වාර්තාවට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට 20%ක ජනතා ප්‍රසාදයක් හිමිව ඇත. ඔහුට හිමි ජන ප්‍රසාදය මාස 3ක් තුළ 10% සිට 20% දක්වා වැඩි වී තිබීම කැපී පෙනෙන සිදුවීමකි.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට හිමි ජන ප්‍රසාදය 8% සිට 7% දක්වා පහත වැටී ඇත.

මෙම සමීක්ෂණය සඳහා මේ දක්වා පුද්ගලයින් 18,213 දෙනෙකු සහභාගී කරවාගෙන තිබේ. මෙම සමීක්ෂණය ආරම්භයේ සිටම එහි පෙරමුණ ගෙන සිටි අනුර කුමාර දිසානායක මහතාට හිමි ජන ප්‍රසාදය ක්‍රමිකව පහත වැටීම කැපී පෙනෙන සිදුවීමකි.

අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ඉන්දියානු සංචාරයේ නිරත වන විට මෙරට සිටින ජනප්‍රියම දේශපාලනඥයා ඔහු බව පැවසීමට ඉන්දීය මාධ්‍ය උපයෝගී කර ගත්තේ ද මෙම සමීක්ෂණ වාර්තාවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *