අනුරගේ ආසන විරෝධය පළ දරයි…! රනිල් අනුරගෙන් ආසන තුනක් ඈත අසුනකට…!

June 23, 2021 at 8:04 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (23) දිවුරුම් දෙන එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ විපක්‍ෂයේ ඉදිරිපෙළ 13 වැනි ආසනයේ අසුන් ගැනීමට නියමිත ය.

ඒ අනුව මෙතෙක් එම අසුනෙහි සිටි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ට 14 වැනි අසුනට යෑමට සිදුවනු ඇත.

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙයි.

එජාප නායකයාගේ ආසනය දෙපස සමගි ජනබලවේගය මන්ත්‍රී මනෝ ගනේෂන් සහ දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් අසුන් ගැනීමට නියමිත ය.

මෙයට පෙර රනිල් වික්‍රමසිංහට ජවිපෙ නායක අනුර දිසානායක අසල ආසනය හිමි වුව ද එය සමාජ මාධ්‍යවල කතාබහට ලක්වීමත් සමඟ අදාළ තීරණයට ජවිපෙ නායකයාගේ විරෝධය එල්ල වී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *