අනුරගෙන් දෙමළ ඩයස්පෝරාවට සහතිකයක්…!

June 17, 2024 at 9:20 am | by emanisa.lk

සිය දේශපාලන ව්‍යාපාරය කිසිසේත් ජාතිවාදයට හෝ ආගම්වාදයට නතු නොවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

ජාතිවාදයේ බිහිසුණු අත්දැකීම් ලබා ඇති තමන් කෙතරම් අසීරු අවස්ථාවක වුව ද ජාතිවාදය නොවැටෙන බව හෙතෙම අවධාරණය කරයි.

එකම ක්‍රිකට් කණ්ඩායමේ සිංහල, දෙමළ, මුස්ලිම් දරුවන් ක්‍රීඩා කරන, ක්‍රීඩාගාරයේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා එකට එක්ව රට වෙනුවෙන් අත්පොළසන් දෙන රටක් සිය ආණ්ඩුව යටතේ ගොඩනඟන බවයි, අනුර දිසානායක ප්‍රකාශ කළේ.

ජාතික ජන බලවේගය එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත් වූ ජනහමුවේ දී දෙමළ ඩයස්පෝරාවේ පුද්ගලයෙකු සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *