අනුප වැනි අය පාර්ලිමේන්තු යවන්න! ඔවුන් ඔබ තැබූ විශ්වාසය හැමදාම සුරකීවී! – විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ (video)

July 19, 2020 at 9:52 am | by emanisa.lk

මෙතෙක් පැවති දේශපාලන සංස්කෘතියෙන් පරිබාහිරව ඉලක්කයක් කරා වැඩකළ හැකි දේශපාලනය තුළින් තමන්ට යමක් බලාපොරොත්තු නොවන පිරිසක් පාර්ලිමේන්තු යැවිය යුතු බවට මේ වන විට රට තුළ රැල්ලක් නිර්මාණය වෙමින් පවතින බව වියත්මග සංවිධානයේ විධායක සභික බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ පවසයි.

නැවත වරක් අතීතයට ගොස් සිදු වූ විනාශය සිදු නොවන්නට නම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැඟිය යුතු බවත් විශේෂඥ වෛද්‍ය අරඹේපොළ අවධාරණය කරයි.

රටට යමක් කිරීමේ උවමනාව ඇති අනුප පස්කුවල් වැනි මහත්වරු ඔබේ මනාපයෙන් පාර්ලිමේන්තුව ගිය ඔබට දුක් වීමට දෙයක් ඇති නොවනු ඇති බවත් ඔබ ඔහු කෙරෙහි තැබූ විශ්වාසය ඔහු සුරකිනු ඇති බව ද ඇය පැවසුවාය.

විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මෙසේ ප්‍රකාශ කළේ ජුලි 17 වෙනිදා හල්කඳවිල ප්‍රජා ශාලාවේ පැවති දේශීය ව්‍යාපාර නවෝදයක් ජනහමුවට එකතු වෙමිනි.

මෙම අවස්ථාවට යුතුකම ජාතික සංවිධානයේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු අපේක්ෂක ගෙවිඳු කුමාරතුංග, යුතුකම ජාතික සංවිධායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අනුප පස්කුවල් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස