අනීතිකව කන්ටේනර් මුදා හැරීම දුරදිග යයි….ඇමති බිමල්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි….!

June 2, 2025 at 5:17 pm | by emanisa.lk

අමාත්‍ය බිමල් රත්නායකට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පසුගිය ජනවාරි 17-18 දෙදින තුළ අනීතික ලෙස රේගුවෙන් රතු ලේබල් සහිත බහාළුම් 323ක් පරික්ෂාවකින් තොරව නිදහස් කිරීමට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

පිවිතුරු හෙළ උරුමය විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

එම පක්ෂ සාමාජිකයන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ මෙම බහාළුම්වල අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය, බාල බෙහෙත් සහ මත්ද්‍රව්‍යය තිබිය හැකි බවට රේගු වෘත්තීය සමිති මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළ බවයි.

මෙම බහාළුම් නිදහස් කළ ජනවාරි මස සිට රට පුරා පාතාළ ක්‍රියාකාරකම් වේගයෙන් ඉහළ ගොස් ඇති බවත් එහෙයින් මේ තුළ පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ තිබුණේ දැයි සාධාරණ සැකයක් මතුවන බව ද හෙතෙම වැඩි දුරටත් කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *