අනිත්දා පච පතුරුවයි පිළිගන්න එපා! සජිත්ට දෙවෙනි මනාපෙ දෙන්න කියලා අපි කීවේ නෑ! – අනුරලාගෙන් මැකොට ලිපියක්…

November 15, 2019 at 12:07 pm | by emanisa.lk

ජනබලවේගයේ දෙවෙනි මනාපය ඒකාධිපතිත්වය පැරදවීමට: පාක්ෂිකයන්ට දැනුම් දෙයි! යන සිරස්තලය යටතේ 2019 නොවැම්බර් 17 වෙනි ඉරිදා දිනය සහිතව නොවැම්බර් 14 වන දින වෙළඳපොළට නිකුත් කර ඇති අනිත්දා පුවත්පතේ සඳහන් පුවත අසත්‍යයක් බවත් තමන් එවැනි තීන්දුවක් ගෙන නොමැති බවත් ජාතික ජනබල ව්‍යාපාරය පවසයි.

මෙය ජනතාව නොමග යවන සුළු මාධ්‍ය සදාචාරයට පටහැනි පුවතක් බවත් එහෙයින් මේ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් ලියමින් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස