මට අනාවැකි වැරදුණ කියල බුද්ධිමත් ජනතාව අහක බැලුවේ නෑ…! යානා වාහන ඉඩකඩම් අරගෙන මම හොඳට ඉන්නේ ඒකයි…! – චන්ද්‍රසිරි බණ්ඩාර…

January 3, 2021 at 4:28 pm | by emanisa.lk

අනාගත වාක්‍ය සහ අනා ගත් වාක්‍ය යනුවෙන් අනාවැකි වර්ග දෙකක් ඇතැයි ප්‍රවීණ ජ්‍යෝතිෂඥ චන්ද්‍රසිරි බණ්ඩාර පවසයි.

මේ රටේ ජනතාවට උවමනා අනාගත වාක්‍ය නොව අනා ගත් වාක්‍ය බවත් රටේ ජනතාව තමා ගෙන වැඩි පුරා කතාබහ කරන්නේ එවිට බවත් ඔහු පෙන්වා දෙයි.

තමා අනාවැකි කීම ඔස්සේ සිදුකරන්නේ එම ජනතාව බලාපොරොත්තු වන දේ බව ද චන්ද්‍රසිරි බණ්ඩාර පවසයි.

තමා කී අනාවැකි වැරදුණේ යැයි ජනතාව තමා හැර නොගිය බවත් තමන් මහ පාරේ හිඟමනට නොවැටි බවත් ඔහු සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ 2015 පැරදුණේ නම් ගිනි තබා ගන්නේ යැයි කී අනාවැකියෙන් පසුව ද බුද්ධිමත් ජනතාව තමා හැර නොගිය බවත් ඊට පසු ද දේපොළ ඉඩකඩම් යාන වාහන මිලට ගත් බවත් ඔහු අවධාරණය කරයි.

දෙරණ On Topic වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *