අනාගත ශ්‍රීලනිප පක්ෂ නායක මමයි! ශාන්ත බණ්ඩාරට නොදී මනාපේ මට විතරක් දෙන්න!

January 25, 2020 at 12:05 pm | by emanisa.lk

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිදහස් පක්ෂ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ හදිසි රැස්වීමක් කැඳවා තමන්ට පමණක් මනාප ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන තනතුරක් හොබවන රාජ්‍ය අමාත්‍යවරයකු නියෝග කළ පුවතක් වාර්තා වනවා.

මෙහිදී ශාන්ත බණාඩාර මන්ත්‍රීවරයාට කිසිසේත්ම මනාප ලබාදීමට කටයුතු නොකරන ලෙසටත් මෙම අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

තමුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අනාගත නායකයා වන බවත් ඒ සදහා වැඩිම මනාප ලබා ගැනීම අතිශය වැදගත් බවත් ශාන්ත බණ්ඩාර ඔහුට සිටින ප්‍රතිවාදියා නිසා ඔහුට වැඩිපුර මනාප ලැබුනොත් එය නායකත්ව ගමනට බලපාන බවත් එම අමාත්‍යවරයා පවසා ඇති බවයි වාර්තා වන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස