අනාගත රාජපක්ෂ ආණ්ඩුව යටතේ පොහොර නොමිලේ..!

March 5, 2019 at 9:16 am | by admin

ලෝක වෙළෙඳපොළේ පොහොර මිල රු. 6000 දක්වා ඉහළ ගිය ද සිය ආණ්ඩුව යටතේ රු.350ක සහන මිලට ගොවි ජනතාවට ලබා දුන් පොහොර කිලෝ 50ක උරයක් අනාගත රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ නොමිලේ ලබා දෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද හවස 2019 අයවැය ඉදිරිපත් කිරීමට පැය කිහිපයකට පෙරය. මේ අනුව බොහෝ විට මෙවර අයවැයෙන් වර්තමාන ආණ්ඩුව අහිමි කළ පොහොර සහනාධාරය නැවත ලබා දීමට කටයුතු කරනු අරතැයි අනුමාන කළ හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස