අනාගත බලශක්ති ඇමැති ශෙහාන්ට සුබ පැතුම්…!

November 1, 2021 at 10:49 am | by emanisa.lk

අනාගත බලශක්ති ඇමැති ශෙහාන් සේමසිංහ මැතිතුමාට ඉත සිතින් සුබ පතන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

තමන් කරනු ලැබුවේ සත්‍යවාදී ප‍්‍රකාශයක් බව වගකීමෙන් සඳහන් කරන්නේ යැයි ද උදය ගම්මන්පිල අවධාරණය කරයි.

මෙතෙක් පැවැති සියලු ආණ්ඩුවලට වඩා වර්තමාන ආණ්ඩුව දූෂිත යැයි ඇමැති ගම්මන්පිළ සිදුකළ ප්‍රකාශයට එරෙහිව ශෙහාන් සේමසිංහ සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඇමැති ගම්මන්පිළ මේ බව සඳහන් කළේය.

ආණ්ඩුව දූෂිත නම් තව දුරටත් එහි රැඳී නොසිට ඇමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *