අනාගත ජනාධිපති තීරණය කරන්නේ පෝර්ට්සිටියේ බිස්නස්කාරයෝ…! – ජවිපෙ…

April 25, 2021 at 1:31 pm | by emanisa.lk

වරාය නගර පනත මගින් වරාය නගර කලාපය වෙනම රටක් බවට පත්කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

රටට බලපාන අණ පනත් ගණනාවක් වරාය නගරය සඳහා බලනොපාන බවත් එක රටක් එක නීතියක් නම් රටේ සියලු නීති වරාය නගරයට අදාළ විය යුතු බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.

වරාය නගර කොමිසම කොළඹ නගර සභාව, බස්නාහිර පළාත් සභාව හෝ පාර්ලිමේන්තුවට වග නොකියන අතර ජනාධිපතිවරයාට පමණක් වගකියන බවත් ඔහු චෝදනා කරයි.

එහෙයින් වරාය නගරයේ ඉඩම් අල්ලා ගෙන සිටින කණ්ඩායම් අනාගතයේ ⁣මේ රටට තමන්ට හිතකර ජනාධිපතිවරයකු පත්කර ගැනීමට කටයුතු කරනු ඇතැයි ද ටිල්වින් සිල්වා අනතුරු අඟවයි.

ජාතික ජන බලවේගය කැඳවූ මාධ්‍ය හමුවක් අමතමින් අද (25) ඔහු මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස