අන්ධ කයිප්පු කතා කියන සිරිසේන ජනාධිපතිකමට තියා ගමක ගම්මුලාදෑණිකමටවත් සුදුසු නෑ! – ගාමිණි වියන්ගොඩ

February 9, 2019 at 4:23 pm | by admin

ජනාධිපතිවරයා මානව හිමිකම් කොමිසම විවේචනය කරමින් අන්ධ කයිප්පු කතා කියා රටම හිනස්සන බවත් මානව හිමිකම් කොමිසම මරණ දඬුවමට විරුද්ධ වුව ද මත් ද්‍රව්‍ය ප්‍රවර්ධනයට අනුබල නොදෙන බවත් සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය සහ පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියංගොඩ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ලොව දියුණු රටවල් මෙන් මත් ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට වඩා දියුණු උපක්‍රම භාවිත කළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි.

මාලි රටේ දී හමුදා සෙබළුන් මිය ගියේ මානව හිමිකම් කොමිසම නිසා යැයි අන්දකයිප්පු කතා කියන සිරිසේන ජනාධිපතිකමට නොව ගමක ගම්මුලාදෑණිකමටවත් සුදුසු නැතැයි වියංගොඩ පවසයි. 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ පොදු අපේක්ෂක වේදිකාවේ සිට ගෙයි වහළයට ගිනි ගත් විට ඊට පසු කළ යුතු දේ නොසිතා එළියට පනින ලෙසත් එළියට පැන ඊළඟ පියවර ගැන සිතන ලෙසත් රටට උපදෙස් දුන්නේ ද ගාමිණි වියංගොඩය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *