අන්තිම රෝගියත් පරික්ෂා කර සතොසට පැමිණි වෛද්‍යවරිය බඩු නොදී පන්නයි!

March 26, 2020 at 10:33 am | by emanisa.lk

සිය රාජකාරීය අවසන් කර සතොසට පැමිණි වෛද්‍යවරියකට  අවශ්‍ය බඩු නොදී පලවා හැරි පුවතක් ඈ සිය මුහුණු පොතේ වාර්තා කර තිබේ.

” වැලිගම රෝහලේ OPD එකේ වැඩ අවසන් වුයේ දහවල් 1.30 ට පමනවන අතර අත්‍යාවශ්‍ය ආහාර ස්වල්පයක් ගැනීමට වැලිගම ස.තො.ස ට යද්දි 2 ට මිනිත්තු 5කි. ඇතුලේ බඩු ගන්න ආපු මිනිස්ස.

ස.තො.සේ දොර ළඟ සිටි සේවක මහතාට ” මම වැලිගම රෝහලේ වෛද්‍යවරියක් බවත් , ලෙඩ්ඩු පිරී සිටි නිසා එන්න ප්‍රමාද වුන බවත්, බඩු ටිකත් ගන්න අවශ්‍ය බවත් ” පැවසුවත් , “එලියට යන්න…එලියට යන්න…අපි දැන් බඩු දීලා ඉවරයි ” කියා දොර තදින් වසා දැමුවෙිය.

මගේ සිතේ ඇතිවුනේ මහා කලකිරිමකි.

උදේ 6 සිට සවස 4 දක්වා කාලය තුලදී අත්‍යාවශ්‍ය සේවයේ යෙදි සිටින අපිට 2 ට පෙර ආහාර ද්‍රව්‍ය ගැනීමට පිටතට යා නොහැක.

අනිත් අතට අවම පහසුකම් යටතේ මෙවන් නොමිනිසුන් වෙනුවෙන් ජිවිත කැප කර සේවය කරන්නේ ඇයිද කියා අද මට සිතුන.”

මෙවැනි සිදුවීමක් වන්නේ අවසන් පාරිභෝගිකයා ද බඩුගන්නා තෙක් වෙළෙඳසැල් විවෘත කර තබන ලෙස රජය දැනුම් දී ඇති පසුබිමකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස