අන්තවාදී මද්‍රාසා පාසල් අපි නියාමනය කරන්නේ නෑ!- අධ්‍යාපන අමාත්‍යංශය

April 28, 2019 at 5:37 pm | by admin

ශ්‍රී ලංකාවෙි ක්‍රියාත්මක වන අරාබි සහ මද්‍රාසා පාසල් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ නියාමනය වන බවට පැතිර යන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යයතාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මද්‍රාසා පාසල් මුස්ලිම් සමාජය තුළ ආගමික සහජීවනය බිඳ දමන අන්තවාදී අදහස් ව්‍යාප්ත කරන බවත් ඊට වගකිව යුත්තේ අධ්‍යාපන අමාත්‍යංශය බවත් මේ දිනවල විවිධ මාධ්‍යවල වාර්තා වෙයි.

එසේම මෙම පාසල් කිසිදු අධීක්ෂණයකට ලක් නොවන බවත් වහාම අධ්‍යාපන අමාත්‍යංශ අධීක්ෂණයට ලක් කළ යුතු බවත් සමහරු පවසති.

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පැවසුවේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිෂ්පාදනය කරන කම්හල් මද්‍රාසා පාසල් බවය. හිටපු ජනාධිපතිනිය පැවසූයේ මෙම මද්‍රාසා පාසල් වහාම තහනම් කළ යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස