අන්තවාදී නායකයන් අපට උවමනා නෑ! නව මුස්ලිම් නායකත්වයක් ගොඩ නඟනවා! – මහින්ද (video)

June 22, 2019 at 9:18 am | by emanisa.lk

නව මුස්ලිම් නායකත්වයක් බිහි කිරීමට කටයුතු කරමින් සිටින බවත් එම නායකත්වය වටා සියලුම මුස්ලිම් ජනතාව ඒකරාශී කරන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

ඊයේ (20) පස්වරුවේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ජන්ම දිනය වෙනුවෙන් ඔහුට ආශිර්වාද පතා බෝධිපූජා පිංකමක් බෙල්ලන්විල රජමහා විහාරයේදී විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සිදු කෙරුණි.

තම පක්ෂයේ අපේක්ෂකයා පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බවත් ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස