අන්තවාදීන් ගිලගත් කුරගල බෞද්ධ උරුමය සුරැකෙයි…! විහාරස්ථාන මාර්ගයට කාපට් අතුරයි…..!

March 24, 2021 at 11:42 pm | by emanisa.lk

පසුගිය සමයේ බෞද්ධයින්ට අහිමිව තිබූ කුරගල බෞද්ධ සිද්ධස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

මුස්ලිම් අන්තවාදී කණ්ඩායම්වල ග්‍රහනයට නතුව පැවැති කුරගලට විදුලිය ලබා දීම පවා පසුගිය රජය සමයේ ප්‍රතික්ෂේප කෙරිණි.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ කුරගල බෞද්ධ කොඩි නැවත එසවුණු අතර පොලිස් ආරක්ෂාව ද ලබා දුන්නේ ය. මේ වන විටත් විහාරයේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය, සංඝාවාසයක් ගොඩනැඟීම, ජලය ලබා ගැනීම සඳහ හමුදා මුරපොළක් ලබා දීමට ද රජය කටයුතු කර තිබේ.

කුරගල විහාරස්ථානය වෙත දිවෙන මාර්ගය මේ දිනවල කාපට් යොදා සකසන ආකාරය දැකගත හැකි ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස