අන්තවාදීන් අපේ ගමේ පල්ලියක් හැදුවේ පොලිස් ආරක්ෂාව මැද! බිරිඳට බුර්කාව අඳිනවා නම් මිනිහා මානසික ලෙඩෙක්! – මන්ත‍්‍රී ඒ. එම්. ඉලියාස් මහතා (එජනිස)

May 15, 2019 at 7:27 am | by admin

හාස්කම් සහිත වැලිමඩ අලූගොල්ල මුස්ලිම් පල්ලිය තිබිය දී අලුත් පල්ලියක් තැනීමට ඉඩ දීම පිළිබඳ අපි කණගාටු වෙනවා යැයි වැලිමඩ ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ඒ. එම්. ඉලියාස් මහතා පවසයි. එහි දී ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය.

“මෙම සිද්ධියෙන් ඉස්ලාම් භක්තිකයන් පවා භීතියෙන් කාලය ගත කරන්නේ. බුර්කාවට මුස්ලිම් අපි විරුද්ධයි. තම බිරිඳට බුර්කාව අඳින්න කියන පිරිමියා අනුන්ගේ ගැහැනුන්ගේ මුහුණු බලනවා. අනික් අයට එම පුද්ගලයාගේ බිරිඳගේ මුහුණ බලන්න හොඳ නෑ. මේවා මානසික ලෙඩ.”

“මෙම අන්තවාදී කණ්ඩායම සිල්මියාපුර පල්ලියක් හදනවාට මුළු ගමක් විරුද්ධ වුනා. දෙපිරිස ගහගෙන ඔලූපලාගෙන අදටත් උසාවියේ නඩු තිබෙනවා. එදා එම පල්ලිය හැදුවේ පොලිසියේ ආරක්ෂා මැදයි.”

“කොහොම වුණත් මෙම පල්ලිය ඉදිකිරීම ගැන කනගාටුවෙනවා. වැලිමඩ අලූගොල්ල මුස්ලිම් පල්ලියේ පවතින හාස්කම් නිසා ආගම් බේදයෙන් තොරව භාරහාර හා පුදපූජාවලට එහි යනවා අපිම පාලනය වෙමු. එකමුතුවෙමු.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස